ඉන්දියානු යුද්ධ හමුදා උසස් අණදෙන පාඨමාලාව හදාරනු ලබන නිලධාරින් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක
 

බ්‍රිගේඩියර් එච් සිං දෝදී (Brigadier H. Singh Dhodi) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දියානු යුද්ධ හමුදා උසස් අණදෙන පාඨමාලාව හදාරනු ලබන ජ්‍යේෂ්ඨ නිලධාරීන් 15 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් පසුගිය සැප්තැම්බර් 24 වන දින ශ්‍රී ලංකාවට පැමිණි අතර, එම ජ්‍යේෂ්ඨ නිලධාරි පිරිස පසුගිය සැප්තැම්බර් 25 වන දින නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය. එහිදී දූත මණ්ඩල ප්‍රධානී බ්‍රිගේඩියර් එච් සිං දෝදී මහතා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමුවී සුහද කථාබහක නිරත විය. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අශෝක් රාඕ මහතා ද සහභාගිවී සිටියහ.

තවද, බ්‍රිගේඩියර් එච් සිං දෝදී මහතා ඇතුළු දූත පිරිස ඊයේ (සැප්තැම්බර් 27) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය. එහිදී බ්‍රිගේඩියර් දෝදී මහතා, නැගෙනහිර ප්‍රදේශ භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා හමුවී සුහද කථාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. ඉන් අනතුරුව, ශ්‍රී ලංකාවේ නැගෙනහිර විධානයේ සංවිධාන ව්‍යුහය සම්බන්ධයෙන් සහ නාවික හමුදාව නැගෙනහිර ප්‍රදේශය තුළ සිදු කරනු ලබන වැඩසටහන් පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වූ අතර, මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අශෝක් රාඕ මහතා සහභාගිවී සිටියහ.

ඉන්දියානු යුද්ධ හමුදා උසස් අණදෙන පාඨමාලාව හදාරනු ලබන නිලධාරින්ගේ නාවික හමුදා මූලස්ථාන‍යේ සංචාරය

 

 

 

 

 

 

 

 

 

 

ඉන්දියානු යුද්ධ හමුදා උසස් අණදෙන පාඨමාලාව හදාරනු ලබන නිලධාරින්ගේ නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ සංචාරය