‘ආඥාපති කුසලාන’ ප්‍රථම රුවල් යාත්‍රා තරඟාවලිය ත්‍රිකුණාමලයේදී
 

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ ‘ආඥාපති කුසලාන’ රුවල් තරඟාවලිය පසුගිය සැප්තැම්බර් 27 වන දින සිට 29 වන දින දක්වා ත්‍රිකුණාමලය, සැන්ඩිබේ වෙරළ තීරයේදී පැවැති අතර, එහි සමාරම්භක උත්සවය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, කොමදෝරු කළණ ජිනදාස මහතා සහ යාත්‍රා සංගමයේ සාමාජික සරත් කුරුගම මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය, කොමාණ්ඩර් ශාන්ති කුමාර් බහාර් අනුස්මර්ණ රුවල් යාත්‍රා සංචිතයේදී ආරම්භ කරන ලදී.

තවද, මෙවැනි තරඟාවලියක් පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වන්නේ නාවික හමුදා පුහුණුවන නිලධාරින්හට විදේශීය පුහුණුවන නිලධාරීන් සමඟ සුහදශිලීත්වය වර්ධනය කර ගැනීම මෙන්ම නව අත්දැකීමක් ලබාදීමට සහ ඔවුන්ගේ කුසලතා වැඩිදියුණු කිරීමට ද අවස්ථාව උදාකර දිමයි. ඒ අනුව, බං‍ගලාදේශ, ඉන්දියානු සහ පකිස්ථානු නාවික හමුදා විද්‍යාපිඨයන්හි පුහුණුවන නිලධාරින් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පුහුණුවන නිලධාරින් මෙන්ම නාවික හා සාගරික විද්‍යාපීඨයේ බඳවාගැනීම් 07 කට අයත් පුහුණුවන නිලධාරින් ද මෙම තරඟාවලිය සඳහා සහභාගීවී සිටියහ.

මෙම තරඟාවලිය දින දෙකක් පුරා විවෘත සහ කුසලාන ශූරතා වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ පැවැති අතර, ඒ සඳහා තරඟ 08 ක් පැවැත්විණි. ඒ අනුව, විවෘත කාණ්ඩයේ ශූරතාවය ඉන්දියානු නාවික හමුදාවේ පුහුණුවන නිලධාරින් හිමිකර ගත් අතර, එහි කුසලාන ශූරතාවය 59 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් හිමිකර ගැනීමට සමත් වන ලදී.

නාවික හමුදා, මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ අතර, නැගෙනහිර ප්‍රදේශභාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු, රියර් අද්මිරාල් රසික දිසානායක මහතා, ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ මහතා ඇතුළු නාවික හමුදා ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් මෙන්ම නාවිකයින් රැසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගිවි සිටියහ.

තවද, මෙම තරඟාවලියේදී මතු සඳහන් ජයග්‍රහණ හිමිකර ගැනීමට ක්‍රීඩකයින් සමත් වන ලදී.

කුසලාන ශූරතාවය

(59 වන බඳවා ගැනීම ‘ඒ’ කාණ්ඩය) මධ්‍ය නිලධාරි ඒඩීඑම් විමලසිරි
  මධ්‍ය නිලධාරි ඩීඩීඩීසී වීරසිංහ
  මධ්‍ය නිලධාරි ‍ඒකේඩීඑස් ද සොයිසා
පලමු අනුශූරතාව
(33 වන බඳවා ගැනීම) මධ්‍ය නිලධාරි ඩබ්එම්සීජේ වීරසේකර
  මධ්‍ය නිලධාරි ඊඑම්එස්පී වික්‍රමසිංහ
  මධ්‍ය නිලධාරි ඩබ්එන්ජීජීඩී ඉෂාරක
     
දෙවන අනුශූරතාව
(59 වන බඳවා ගැනීම ‘බී’ කාණ්ඩය) මධ්‍ය නිලධාරි ජීආර්එම් වික්‍රමරත්න
  මධ්‍ය නිලධාරි කේඒඩීයූ මධුසංක
  මධ්‍ය නිලධාරි ආර්ඒ මධුරංග

විවෘත ශූරතාවය

ශූරතාවය

ඉන්දියානු නාවික හමුදා කණ්ඩායම මධ්‍ය නිලධාරි අවිරාල් කෙෂාව්
  මධ්‍ය නිලධාරි නිකිහිල් සිං චව්හාන්
  ශිෂ්‍යභට නිලධාරි ආදිත්‍ය ජේන්

පලමු අනුශූරතාවය

නාවික හා සාගරික විද්‍යාපිඨ ‘ඒ’ කණ්ඩායම මධ්‍ය නිලධාරි ඩබ්එම්සීජේ විරසේකර
  මධ්‍ය නිලධාරි ඊඑම්එස්පී වික්‍රමසිංහ
  මධ්‍ය නිලධාරි ඒකේඩිඑස් ද සොයිසා

දෙවන අනුශූරතාවය

නාවික හා සාගරික විද්‍යාපිඨ ‘බී’ කණ්ඩායම මධ්‍ය නිලධාරි ඒඩීඑම් විමලසිරි
  මධ්‍ය නිලධාරි ඩීඩීඩීසී විරසිංහ
  මධ්‍ය නිලධාරි ඩබ්එන්ජිජිඩී ඉෂාරක

විවෘත ලේසර් (Laser Open)

පලමු ස්ථානය ශිෂ්‍යභට නිලධාරි ආදිත්‍ය ජේන් ඉන්දියානු නාවික හමුදාව
දෙවන ස්ථානය මධ්‍ය නිලධාරි ඒකේඩිඑස් ද සිල්වා නාවික හා සාගරික විද්‍යාපිඨය
තෙවන ස්ථානය ශිෂ්‍යභට නිලධාරි ඕමිර් ෆාරෝක් පකිස්ථානු නාවික හමුදාව

 

විවෘත එන්ටර්ප්‍රයිස් (Enterprise Open)

පලමු ස්ථානය මධ්‍ය නිලධාරි අවිරාල් කෙෂාව් සහමධ්‍ය නිලධාරි නිකිහිල් සිං චව්හාන් ඉන්දියානු නාවික හමුදාව
   
දෙවන ස්ථානය මධ්‍ය නිලධාරි ඒඩීඑම් විමලසිරි සහමධ්‍ය නිලධාරි ඩීඩීඩීසී විරසිංහ නාවික හා සාගරික විද්‍යාපිඨය
   
තෙවන ස්ථානය මධ්‍ය නිලධාරි ඊඑම්එස්පී වික්‍රමසිංහ සහමධ්‍ය නිලධාරි ඩබ්එම්සීජේ විරසේකර නාවික හා සාගරික විද්‍යාපිඨ‘බී’ කණ්ඩායම