වැදගත් සිදුවීම්

‘ආඥාපති කුසලාන’ ප්‍රථම රුවල් යාත්‍රා තරඟාවලිය ත්‍රිකුණාමලයේදී
 

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ ‘ආඥාපති කුසලාන’ රුවල් තරඟාවලිය පසුගිය සැප්තැම්බර් 27 වන දින සිට 29 වන දින දක්වා ත්‍රිකුණාමලය, සැන්ඩිබේ වෙරළ තීරයේදී පැවැති අතර, එහි සමාරම්භක උත්සවය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, කොමදෝරු කළණ ජිනදාස මහතා සහ යාත්‍රා සංගමයේ සාමාජික සරත් කුරුගම මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය, කොමාණ්ඩර් ශාන්ති කුමාර් බහාර් අනුස්මර්ණ රුවල් යාත්‍රා සංචිතයේදී ආරම්භ කරන ලදී.

30 Sep 2018

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට (JMSDF) අයත් නෞකා දෙකක් (02) කොළඹ වරායට සේන්දු වෙයි
 

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘කාගා’ සහ “ඉනසුමා” නෞකාවන් සුහද සංචාරයක් සඳහා අද (සැප්තැම්බර් 30) කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් පිළිගන්නා ලදී.

30 Sep 2018