ගොවි සංවිධාන නිලධාරින් සඳහා නාවික හමුදා තොරතුරු තාක්‍ෂණ අංශය මඟින් වැඩමුළුවක් පවත්වයි
 

කෘෂිකර්ම අමාත්‍යංශයේ සහ හපුතලේ කහත්තේවෙල ජනතා ගොවි සංවිධානයේ නිලධාරීන් සඳහා භූගෝලීය තොරතුරු පද්ධතිය පිළිබද වැඩමුළුවක් පසුගිය සැප්තැම්බර් 21 වන වන දින අධ්‍යක්ෂ නාවික තොරතුරු තාක්ෂණ කොමදෝරු ප්‍රියන්ත එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී ආරම්භ කෙරුණි. එම අවස්ථාව සඳහා නාවික හමුදා, ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරි (භූගෝලීය තොරතුරු පද්ධති) සහ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරි (පද්ධති කළමණාකරණ) කොමාණ්ඩර් (තොතා) නදීර කුලපති මහතා සහ නාවික හමුදා මාණ්ඩලික නිලධාරි (භූගෝලීය තොරතුරු පද්ධති) සහ මාණ්ඩලික නිලධාරි (අන්තර්ජාල සහ පද්ධති පරිපාලන), ලුතිනන් කොමාණ්ඩර් (තොතා) කසුන් වනසූරිය මහතා සහභාගිවි සිටියහ.

ඒ අනුව, මෙම වැඩමුළුව කෘෂිකර්ම අමාත්‍යංශය මඟින් කළ ඉල්ලිමකට අනුව ශ්‍රිලංකා නාවික හමුදා තොරතුරු තාක්‍ෂණ අංශයේ භූගෝලීය තොරතුරු පද්ධති ඒකකය මඟින් පවත්වන ලදී. ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයේ සහ හපුතලේ කහත්තේවෙල ජනතා ගොවි සංවිධානයේ නිලධාරීන් දසදෙනෙකු (10) සහභාගිවි සිටියහ. දින තුනක් පුරා පැවැති මෙම වැඩමුළුව තුළදි එම නිලධාරින් හට භූගෝලීය තොරතුරු පද්ධති පිළිබද න්‍යායික සහ ප්‍රායෝගික දැනුමක් ලබා දීමට කටයුතු කරන ලදී.

තවද, මෙම වැඩමුළුව සාර්ථක කර ගැනීම සඳහා උපදේශක දායකත්වය සපයන ලද්දේ, ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරි (භූගෝලීය තොරතුරු පද්ධති) සහ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරි (පද්ධති කළමණාකරණ) කොමාණ්ඩර් (තොතා) නදීර කුලපති මහතා සහ සුළු නිලධාරී (තොතා) ඩීඑම්ටීආර් රාජපක්ෂ සහ සුළු නිලධාරී (තොතා) ජේඑම්ආර්කේ ජයලත් යන නාවික පුද්ගලයන් විසිනි.