ජාතික ප්‍රවීනයන්ගේ අන්තර් සමාජ මේස පන්දු ශූරතාවය නාවික හමුදාව හිමි කර ගනී
 

ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ මේස පන්දු සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික ප්‍රවීනයන්ගේ අන්තර් සමාජ මේස පන්දු ශූරතාවය - 2018 පසුගිය සැප්තැම්බර් 22 වන දින ශාන්ත තෝමස් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී. ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රවීණයන්ගේ මේස පන්දු ‘ඒ’ කණ්ඩායම නියෝජනය කරමින් අධ්‍යක්‍ෂ නාවික සිවිල් ඉංජිනේරු, කොමදෝරු සිසිර විරකෝන් මහතා, බල ශාරිරික අභ්‍යාසක බීඑන්කේ ප්‍රනාන්දු සහ සාමාන්‍ය නැවි පීඩිඅයිපී සිල්වා සහභාගි විය.

එහිදී සුවිශේෂී දක්ෂතා දැක්වූ නාවික හමුදා ප්‍රවීනයන්ගේ මේස පන්දු කණ්ඩායම සියළුම තරඟ ජයග්‍රහණය කරමින් ශූරතාවය හිමිකර ගැනීමට සමත් වන ලදී. තවද, මෙම තරඟාවලිය සඳහා කණ්ඩායම් 16 ක් කාණ්ඩ තුනක් යටතේ තරඟ කරන ලද අතර, සියළුම තරඟ ලීග් පදනම යටතේ පවත්වන ලදී.