ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති, අතිගරු හාන්ස්පීටර් මොක් (Mr. Hanspeter Mock) මහතා අද (ඔක්තෝබර් 03) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

ඉන් අනතුරුව ඔවුන් ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපතිතුමා විසින් තානාපතිතුමා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත ආරක්ෂක උපදේශක, කර්නල් කිස්ටොෆ් ගර්ස් මහතා ද සහභාගී විය.