ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් නෞකාවන් කොළඹ වරායෙන් පිටත්ව යයි
 

පසුගිය සැප්තැම්බර් 30 දින කොළඹ වරායට සේන්දු වූ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට (JMSDF) අයත් ‘කාගා’ සහ “ඉනසුමා” නෞකාවන් අද (ඔක්තෝබර් 04) දින සිය සුහද සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය. එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් වෙත සමුදීම සිදු කරන ලදී.

මෙම නෞකාවන් මෙරට රැඳී සිටි කාල සිමාව අතරතුර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබු විවිධ වැඩසටහන් රාශියකට මෙන්ම වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී සුහද අත්පන්දු තරඟයකට ද සහභාගිවන ලදි.