පකිස්ථානු ආරක්ෂක ලේකම් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක
 

සිව් දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පකිස්ථානු ආරක්‍ෂක ලේකම්, ලුතිනන් ජෙනරාල් (විශ්‍රාමික) ඉක්රම් උල් හක් (Lieutenant General (retd) Ikram UI Haq) මහතා ඇතුළු දූත පිරිස ඊයේ (ඔක්තෝබර් 04) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය. ඒ අනුව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා විසින් නාවික හමුදා මූලස්ථානය වෙත එතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමට කටයුතු කරන ලදී

ඉන් අනතුරුව, ලුතිනන් ජෙනරාල් ඉක්රම් උල් හක් මහතා සහ නාවික හමුදාධිපතිතුමා ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කීපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා, මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඇතුළු නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් සහ ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක, කර්නල් සජාඩ් අලි මහතා සහභාගී වී සිටියහ.