15 වන බඳවා ගැනීමට අයත් ශිල්පීය අංශයේ නාවිකයන් 45 දෙනෙකු විසිර යති
 

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 15 වන බඳවා ගැනීමට අයත් ශිල්පීය අංශයේ නාවිකයන් 45 දෙනෙකු සිය මුලික පුහුණුව සාර්ථකව හදාරා ඊයේ (ඔක්තෝබර් 04) විසිර යන ලදී. මෙම විසිරයාමේ පෙළපාලිය වැලිසර පිහිටි නාවික තාක්ෂණ ආයතන ප්‍රධාන සරඹ පිටියේදී උත්කර්ෂවත් අයුරින් පවත්වන ලද අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන, රියර් අද්මිරාල් කස්සප පෝල් මහතා සහභාගී විය.

මෙම මූලික පුහුණු පාඨමාලාවේ විශිෂ්ඨතම ශීල්පීය නාවිකයාට හිමි කුසලානය අධුනික තාක්ෂණික ශිල්පී ඒඒපීඩබි වීරසිංහ නාවිකයා හිමිකර ගන්නා ලද අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මුලස්ථානය සහ බටහිර නාවික විධානය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන්, නාවිකයන් රැසක් මෙන්ම විසිර යන ලද නාවිකයන්ගේ දෙමාපියන් ඇතුළු පවුල්වල සාමාජිකයන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.