ජාතික වුෂු තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට
 

16 වන ජාතික වුෂු තරඟාවලිය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයෙදී පසුගිය ඔක්තෝබර් 02 වන දින සිට 04 වන දින දක්වා පැවැති අතර, ඒ සඳහා දිවයිනේ සියළු ප්‍රදේශ ආවරණය වන පරිදි වුෂු ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී විය. එහිදී සුවිශේෂී දක්ෂතා දක්වමින් සමස්ථ තරඟාවලියේ රන් පදක්කම් 39 න් 24 ක් හිමිකර ගැනීමට නාවික හමුදා වුෂු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වන ලදී. ‍

තවද, තරඟාවලියේ තාවුලු පිරිමි අංශයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගැනීමට බල නැවි කේසීඑච් කුමාර සමත් වූ අතර, බල නැවි එස්ආර් කුමාර සන්ද්‍ර පිරිමි අංශයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්ම්නාය හිමිකර ගන්නා ලදී. එමෙන්ම සන්ද්‍ර අංශයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිම් සම්මානය බල කාන්තා නැවි එස්පීඊආර් දිල්හානි ක්‍රීඩිකාව හිමිකර ගැනීමට සමත් විය.

ක්‍රීඩා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්, එච්.ටී. කමල් පද්මසිරි මහතා ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ අතර, මෙම අවස්ථාව සඳහා වුෂු ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ද සහභාගිවි සිටියහ.