2017 වසරේ හොඳම නෞකාව ලෙස ශ්‍රීලංනානෞ සාගර නෞකාව නම් කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකා අතරින් සෑම වසරකම හොඳම නෞකාව තෝරා ගැනීමට කටයුතු කරන අතර, එහිදී, නෞකා‍වන් අතර පවත්වනු ලබන ක්‍රීඩා තරග, නාවික දැනුම, කඹ හැසිර වීම, නෞකා අතර පැවති යුධ අභ්‍යාසයන් සහ වැඩිම මුහුදු සංචාරයන් සිදු කල නෞකාව යන කරුණු පදනම් කර ගනිමින් හොඳම නෞකාව ‍නම් කිරීමට කටයුතු කරනු ලබයි.

ඒ අනුව, ධජ නිළධාරී නාවික දියත් විධානය විසින් 2017 වසරේ හොඳම නෞකාව ලෙස ශ්‍රී ලංකා නාවික නෞකා සාගර නෞකාව තෝරා ගෙන ඇති අතර, එයට අදාල වර්ෂය සඳහන් තරු සලකුනකින් යුතු ඵලකය නෞකාව තුළ නිරාවරණය කිරීම ඊයේ (ඔක්තෝබර් 06) බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ අතින් සිදුවිය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සාගර නෞකාවේ අණදෙන නිලධාරි, කපිතාන් (සංඥා) ජනක නිශ්සංක මහතා ඇතුළු නෞකාවේ නිලධාරින් සහ නාවිකයින් සහභාගී විය.