වැදගත් සිදුවීම්

චීන නාවික හමුදාවට අයත් ‘හයි යන්ග්ඩාඕ’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
 

පසුගිය ඔක්තෝබර් 04 වන දින කොළඹ වරායට සේන්දු වූ චීන නාවික හමුදාවට අයත් ‘හයි යන්ග්ඩාඕ’ නෞකාව අද දින (ඔක්තෝබර් 07) සිය සිව්දින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.

07 Oct 2018

ශ්‍රීලංනානෞ සාගර සහ සුරනිමිල නෞකාවන්ගේ ඉන්දියානු සංචාරය
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ශ්‍රී ලංකා නාවික නෞකා සාගර සහ ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමිල යන නෞකාවන් ඊයේ (ඔක්තෝබර් 06) පුහුණු අභ්‍යාසයන් ඇතුලත් සුහද සංචාරයක් සඳහා කොළඹ වරායෙන් ඉන්දියාව බලා පිටත් විය.

07 Oct 2018

2017 වසරේ හොඳම නෞකාව ලෙස ශ්‍රීලංනානෞ සාගර නෞකාව නම් කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකා අතරින් සෑම වසරකම හොඳම නෞකාව තෝරා ගැනීමට කටයුතු කරන අතර, එහිදී, නෞකා‍වන් අතර පවත්වනු ලබන ක්‍රීඩා තරග, නාවික දැනුම, කඹ හැසිර වීම, නෞකා අතර පැවති යුධ අභ්‍යාසයන් සහ වැඩිම මුහුදු සංචාරයන් සිදු කල නෞකාව යන කරුණු පදනම් කර ගනිමින් හොඳම නෞකාව ‍නම් කිරීමට කටයුතු කරනු ලබයි.

07 Oct 2018

ජාතික වුෂු තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට
 

16 වන ජාතික වුෂු තරඟාවලිය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයෙදී පසුගිය ඔක්තෝබර් 02 වන දින සිට 04 වන දින දක්වා පැවැති අතර, ඒ සඳහා දිවයිනේ සියළු ප්‍රදේශ ආවරණය වන පරිදි වුෂු ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී විය.

07 Oct 2018