පලමු මැරීන් බලඝණයේ පුහුණුව ලැබූ නාවික පුද්ගලයන් 77 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නාවික හමුදා පලමු මැරීන් බලඝණයේ ‘ඩි’ කණ්ඩායමට අනුයුක්තව පුහුණුව ලැබූ නිලධාරීන් 5 දෙනෙකු සහ නාවිකයන් 72 දෙනෙකු සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කරමින් ඊයේ (ඔක්තෝබර් 12) ත්‍රිකුණාමලය, සාම්පුර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේදී විසිර ගියහ.

මෙම විසිර යාමේ සහ ලාංඡන පැළඳවීමේ උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදා, ආඥාපති නාවික පාබල සහ අධ්‍යක්‍ෂ නාවික මැරීන්, රියර් අද්මිරාල් උදේනි සේරසිංහ මහතා සහභාගී වූ අතර, මෙම අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු විසිර යන ලද නාවික පුද්ගලයින්ගේ දෙමාපියන් සහ පවුල්වල සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.