යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත් නාවික රණවිරුවෙකු වෙත නව නිවසක්
 

රණවිරු සේවා අධිකාරියේ මූලිකත්වයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන, ගොනාමුල්ල ප්‍රදේශයේ පදිංචි යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත් බල සෙබළ, රාහුල කාරියවසම් නාවික රණවිරුවා හට අංගසම්පූර්ණ නිවසක් ඉදිකර පරිත්‍යාග කරන ලදී. ඒ අනුව, මෙම නව නිවස නාවික රණවිරුවා හට භාර කිරීමේ උත්සවය අද (ඔක්තෝබර් 13) දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවිර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධීක්‍ෂණය හා පූර්ණ ශ්‍රම දායකත්වය මත මෙම නිවස ඉදිකරන ලද අතර, මෙම අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය, රණවිරු සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, චන්දන අබේවර්ධන මහතා, අක්මීමන ප්‍රාදේශීය ලේකම්, නිෂාදි ජාගොඩ මහත්මිය සහ නාවික හමුදා පුද්ගලයින් මෙන්ම ප්‍රදේශවාසින් පිරිසක් ද සහභාගිවි සිටියහ.