නාවික හමුදා අන්තර් විධාන හොකී තරඟාවලිය වැලිසර හොකී පිටියේදී නිමාවට පත්වෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන හොකී තරඟාවලිය 2018 ඔක්තෝබර් මස 17 වන දින සිට 19 වන දින දක්වා වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ හොකී ක්‍රීඩා පිටියේදී පවත්වන ලදී. ඒ සඳහා සියළු නාවික විධානයන් නියෝජනය කරමින් හොකී කණ්ඩායම් සහභාගී වූ අතර, ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150 කට අධික පිරිසක් සහභාගිවී සිටියහ. ඒ අනුව තරඟාවලියේ සමස්ථ පිරිමි ශූරතාවය බටහිර නාවික විධානය හිමිකර ගත් අතර, සමස්ථ කාන්තා ශූරතාවය උතුරු මැද නාවික විධානය විසින් හිමි කර ගැනීමට සමත් විය.

තවද, තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය බටහිර නාවික විධානය නියෝජනය කළ ලුතිනන් කොමාණ්ඩර් බිඑම්ඩීඑස් බණ්ඩාරනායක මහතා හිමිකරගත් අතර දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය උතුරු මැද නාවික විධානය නියොජනය කළ බල කාන්තා ශාරිරික අභ්‍යාසක එචිඅයිඑස් සිල්වා නාවිකයා විසින් හිමිකර ගන්නා ලදී.

බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි විය. තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ක්‍රීඩා, කොමදෝරු ජයන්ත ගමගේ මහතා, නාවික අණභාර නිලධාරි (වැලිසර) සහ ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ අණදෙන නිලධාරි, කොමදෝරු බන්දුල සේනාරත්න මහතා ඇතුළු බටහිර නාවික විධානය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරින් විශාල පිරිසක් සහභාගිවි සිටියහ.