ගාලු කථිකාව 09 වන අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය උත්කර්ෂවත් අයුරින් ඇරඹෙයි
 

ආරක්ෂක අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නව වන වසරටත් සංවිධානය කරනු ලබන 2018 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය ඊයේ (ඔක්තෝබර් 22) කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ විය. ඉන්දියාව, චිනය, ජපානය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළුව රටවල් 52 ක නියෝජිතයින් පිරිසක් සහ ජාත්‍යන්තර සංවිධාන 22 ක නියෝජිතයින් සහ සමුද්‍රිය ආරක්‍ෂක විද්වතුන් රැසක් මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගි වී සිටිති.

මෙම අන්තර්ජාතික සම්මන්ත්‍රණයේ පළමු දින සැසියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගිවූ අතර, වරාය සහ නාවික කටයුතු අමාත්‍ය ගරු මහින්ද සමරසිංහ මහතා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා, ආරක්ෂක ලේකම්, ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කපිල ජයම්පති, පොලිස්පති, පූජිත් ජයසුන්දර මහතා ඇතුළු තානාපතිවරුන්, මහකොමසාරිස් වරුන් මෙන්ම රජයේ සහ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් ද පළමු දින සැසිය සඳහා සහභාගී වී සිටියහ.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා විසින් සමුළුවේ පිළිගැනීමේ කථාව සිදු කළ අතර, පළමු දින සැසියේ ප්‍රධාන දේශනය ආරක්ෂක ලේකම්, ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා විසින් සිදු කරන ලදී. ‘සහයෝගීතාවය තුලින් සමුද්‍රිය කළමණාකරණය සඳහා ඒකාබද්ධවිම’ යන තේමාව යටතේ අද දින සම්මණ්ත්‍රනයේදී පහත සඳහන් මතෘකා යටතේ විදෙස් නාවික හමුදා නිලධාරින් සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින් සිය නිබන්ධන ඉදිරිපත් කරන ලදී.

ඉන්දියානු සාගරයේ සථාවරත්වය සහ සාමය සඳහා නව යුගයක් බිහිකිරිමට අවශ්‍ය සහයෝගිතාවය වර්දනය කිරීම - චීන නාවික හමුදාවේ නාවික අණ පාසලේහි ආඥාපති, රියර් අද්මිරාල් හැන් සියාහු  මහතා

ඉන්දියානු සාගරයේ සාගරික ආරක්‍ෂාව සැපයිමේදි රුසියානු නාවික හමුදාවේ කාර්යභාර්ය - රුසියානු නාවික හමුදාවේ දියත් විධාන ප්‍රධානී, රියර් අද්මිරාල් ලූක් එන්ඩියර් එන්ඩෙල්වයිවිච් මහතා

සාගරික ක්‍රියාකාරකම් පිලිබඳව එක්සත් ජනපදයේ දැක්ම - ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදා සබ්මැරීන් 07 වන කණ්ඩායමේ ආඥාපති, 54/74 ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදා කාර්ය සාධක බළකායේ අණදෙන නිලධාරි, රියර් අද්මිරාල් ජේම්ස් පීට්ස් මහතා

දකුණු ආසියාතික සාගරික කටයුතු පාලනය - ජාත්‍යාන්තර සාගරික සංවිධානයට කළ හැකි කාර්යභාර්ය කුමක්ද? - සිංගප්පුරු ජාතික විශ්වවිද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනයේ ආචාර්ය ජිවන්තා ස්කොට්ලියි මහත්මිය

ජාත්‍යන්තර නාවික නීතිය සහ දේශීය නීතීන් අතර ඇති වෙනස අවම කිරීම - මත්ද්‍රව්‍ය සහ ආපාරාධ පිලිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සාගරික අපරාධ වැඩසටහන් ප්‍රධානී, ඇලන් කොල් මහතා

ඉන්දු-පැසිෆික් කලාපයේ පවතින අවස්ථා අභියෝග සහ කලාපය තුල සාගරික ස‍හයෝගිතාවය සහ හවුල්කාරිත්වය වර්ධනය කිරීමේ යාන්ත්‍රණය - ජාතික සාගරික පදනමේ සභාපති සහ ඉන්දියානු නාවික හමුදාවේ හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් (විශ්‍රාමික) ආර්කේ දෝවන් මහතා

කලාපීය සාගරික ගැටළු, ඉන්දියානු සාගර කලාපය සාමුහිකව කළමණාකරණය කළ හැකිද? - මැලෙසියානු නාවික හමුදාවේ මානව සම්පත් පිලිබඳ සහකාර මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් අනුආ බින් මෙහොමඩ් මහතා

කලාපීය සාගරික ගැටළු, ඉන්දියානු සාගර කලාපය සාමුහිකව කළමණාකරණය කළ හැකිද? - ඉන්දියානු සාගරය කලාපයට අනුයුක්ත ප්‍රංශ හමුදාවන්ගේ ඒකාබද්ධ අණදෙන නිලධාරි, රියර් අද්මිරාල් ඩිඩියර් මැලේත්‍රෙ මහතා  

තවද, මෙම සුවිශේෂි අවස්ථාව සනිටුහන් කරමින් අතිගරු ජනාධිපතිතුමා ඇතුළු සම්භාවණිය අමුත්තන් හට නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සමරු තිළිණ ප්‍රදානයක් ද සිදු කරන ලද අතර, සියළුම සැසි වාරයන් අවසන් වීමෙන් අනතුරුව නාවික හමුදාධිපතිතුමා සියළුම දේශකයින් හට සමරු තිළිණ ප්‍රදානයක් සිදු කරන ලදී.


ඒ අනුව, ඉතා සාර්ථක ලෙස ගාලු කථිකාව 2018 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයේ පළමු දින නිමාව මෙසේ සනිටුහන්වූ අතර, දෙවන දිනය වන අද ගාලු කථිකාව 2018 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අවසන් විමට නියමිතය.