විදේශීය නාවික හමුදා ප්‍රධානීන් සහ නාවික හමුදාධිපතිතුමන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඇරඹේ
 

ආරක්ෂක අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නව වන වසරටත් සංවිධානය කරනු ලබන 2018 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය ඊයේ (ඔක්තෝබර් 22) කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ විය. මෙම සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි විදේශීය නාවික හමුදා ප්‍රධානීන් කිහිප දෙනෙකු නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

ඒ අනුව ඕස්ට්‍රේලියාව, කැනඩාව, චීනය, බිත්‍රාන්‍යය, ප්‍රංශය, ඉන්දුනීසියාව, ජාපනය, මියන්මාර්ය, නෙදර්ලන්තය, රුසියාව සහ වියට්නාමය යන රටවල්වල නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරින් නාවික හමුදාධිපතිතුමා හමුවි විදේශිය නාවික හමුදාවන් අතර පවතින ද්විපාර්ශ්වික සම්බන්ධතාවය සහ මිත්‍රත්වය තව දුරටත් වර්ධනය කර ගැනීම සහ සාගරික ආරක්ෂාව තහවුරු කරු ගැනීම ඇතුළු වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවන්හි නිරත විය.

මෙවැනි අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයක් ඉතා උසස් අයුරින් සංවිධානය කර රටවල් වල නාවික හමුදාවන් අතර සුහදතාවය වර්ධනය කර ගැනීමට අවස්ථාවක් උදා කර දීම පිළිබඳව ඔවුන් නාවික හමුදාධිපතිතුමන් හට ස්තුතිය පුද කිරීමට ද පියවර ගෙන ඇත. මෙම අවස්ථාවන් සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

නාවික හමුදාධිපතිතුමන් සහ ඕස්ට්‍රේලියානු නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරිතුමා අතර හමුව

 

 

 

 

 

නාවික හමුදාධිපතිතුමන් සහ කැනේඩියානු නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරිතුමා අතර හමුව

 

 

 

 

 

නාවික හමුදාධිපතිතුමන් සහ චීන නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරිතුමා අතර හමුව

 

 

 

 

 

නාවික හමුදාධිපතිතුමන් සහ බ්‍රිතාන්‍ය නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරිතුමා අතර හමුව

 

 

 

 

 

නාවික හමුදාධිපතිතුමන් සහ ප්‍රංශ නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරිතුමා අතර හමුව

 

 

 

 

 

නාවික හමුදාධිපතිතුමන් සහ ඉන්දුනීසියානු නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරිතුමා අතර හමුව

 

 

 

 

 

නාවික හමුදාධිපතිතුමන් සහ ජාපන නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරිතුමා අතර හමුව

 

 

 

 

 

නාවික හමුදාධිපතිතුමන් සහ මියන්මාර් නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරිතුමා අතර හමුව

 

 

 

 

 

නාවික හමුදාධිපතිතුමන් සහ නෙදර්ලන්ත නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරිතුමා අතර හමුව

 

 

 

 

 

නාවික හමුදාධිපතිතුමන් සහ රුසියානු නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරිතුමා අතර හමුව

 

 

 

 

 

නාවික හමුදාධිපතිතුමන් සහ වියට්නාම නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරිතුමා අතර හමුව