ගාලු කතිකාව සම්මන්ත්‍රණය සඳහා සහභාගීවූ විදේශීය නාවික හමුදා ප්‍රධානීන් සහ විදෙස් සංවිධාන නියෝජිතයින් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

කොළඹ ගාලු මුවදොර හෝට‍ලයේ පවත්වන ලද 2018 ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය සඳහා සහභාගී වූ විදේශීය රටවල්වල නාවික හමුදා ප්‍රධානීන් සහ විදෙස් සංවිධානවල නියෝජිතයින් ඊයේ (ඔක්තෝබර් 23) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.

ඒ අනුව ඇමෙරිකාව, බංගලාදේශය, ඉන්දියාව, මාලදිවයින, නයිජිරියාව, පකිස්ථානය සහ බ්‍රිතාන්‍යය යන රටවල්වල නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරින් සහ ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, ඉන්දියාව, ඩෙන්මාර්ක් සහ මැඩගස්කරය යන රටවල්වල විදේශ නියෝජිතයින් කොළඹ, ගාලු මුවදොර හෝටල් පරිශ්‍රයේදී නාවික හමුදාධිපතිතුමන් මුණ ගැසිණි. එහිදී, ඔවුන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත වී ඇත.

මෙවැනි අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයක් ඉතා උසස් අයුරින් සංවිධානය කර රටවල් වල නාවික හමුදාවන් අතර සුහදතාවය වර්ධනය කර ගැනීමට අවස්ථාවක් උදා කර දීම පිළිබඳව ඔවුන් නාවික හමුදාධිපතිතුමන් හට ස්තුතිය පුද කිරීමට ද කටයුතු කර ඇත. මෙම අවස්ථාවන් සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

නාවික හමුදාධිපතිතුමන් සහ ඇමරිකානු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමා අතර හමුව

 

 

 

 

 

 

  නාවික හමුදාධිපතිතුමන් සහ බංගලාදේශ නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමා අතර හමුව

 

 

 

 

 

නාවික හමුදාධිපතිතුමන් සහ ඉන්දියානු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමා අතර හමුව

 

 

 

 

 

නාවික හමුදාධිපතිතුමන් සහ මාලදිවයින නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමා අතර හමුව

 

 

 

 

 

නාවික හමුදාධිපතිතුමන් සහ නයිජිරියානු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමා අතර හමුව

 

 

 

 

 

 

 නාවික හමුදාධිපතිතුමන් සහ පකිස්ථාන් නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමා අතර හමුව

 

 

 

 

 

නාවික හමුදාධිපතිතුමන් සහ බ්‍රිතාන්‍යය නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමා අතර හමුව

 

 

 

 

 

නාවික හමුදාධිපතිතුමන් සහ ඕස්ට්‍රේලියා ප්‍රංශය, ඉන්දියාව, ඩෙන්මාර්ක් සහ මැඩගස්කරය යන රටවල්වල විදේශ නියෝජිතයින් අතර හමුව