ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන රුවල් යාත්‍රා තරඟාවලිය - 2018
 

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය ඔක්තෝබර් මස 25 සහ 26 යන දිනයන් හිදී ත්‍රිකුණාමලය, කොමාණ්ඩර් ශාන්ති බහාර් අනුස්මරණ රුවල් යාත්‍රා අංගනය ඉදිරිපිට මුහුදේ දී පවත්වන ලදී. මෙම තරඟාවලිය සඳහා සියළු නාවික විධානයන් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 110 දෙනෙකු පමණ සහභාගී වූහ.

මෙම තරඟාවලිය පිරිමි සහ කාන්තා වශයෙන් ක්‍රීඩා ඉසව් සංවිධානය කර තිබුණු අතර, තරඟාවලියේ අවසන් දවස වූ පසුගිය 26 වන දින කොමාණ්ඩර් ශාන්ති බහාර් අනුස්මරණ රුවල් යාත්‍රා අංගනයේදී උත්කර්ශවත් අයුරින් ත්‍යාග ප්‍රදානෝත්සවය පවත්වන ලදී. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර ප්‍රදේශ භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු නොයෙල් කළුබෝවිල මහතා ද, නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් විශාල පිරිසක්ද මෙම අවසථාව සඳහා සහභාගී වී සිටියහ.

තවද, මෙම තරඟාවලියේ සමස්ථ පිරිමි ශූරතාවය වයඹ නාවික විධානයටත්, අනුශූරතාවය පුහුණු විධානය විසිනුත් හිමිකරගන්නා ලද අතර, සමස්ථ කාන්තා ශූරතාවය නැගෙනහිර නාවික විධානයටත්, අනුශූරතාවය බටහිර නාවික විධානයටත් වශයෙන් ශූරතාවයන් හිමිකරගත් අතර, ජයග්‍රහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට පදක්කම් පිරිනැමීමට කටයුතු කරන ලදී.

2018 අන්තර් විධාන රුවල්යාත්‍රා තරඟාවලිය පිරිමි ජයග්‍රහකයින්

ලෝකඩ පදක්කම බටහිර නාවික විධානය විසින් හිමිකරගන්නා ලදී.
බලනැවි ජේඑම්එස්පී ගුණසේකර
බලනැවි සීඑච් රූපසිංහ

රිදී පදක්කම වයඹ නාවික විධානය විසින් හිමිකරගන්නා ලදී.
බලනැවි ඒජිපී අසංක
බලනැවි ඩීඑම්එම්සීආර්කේ සෝමරත්න

රන් පදක්කම දකුණු නාවික විධානය විසින් හිමිකරගන්නා ලදී.
විදුලිකාර්මික ජේපීඑස් ද සිල්වා
බල ශාරීරික අභ්‍යාසක එම්එස් ඉන්දික

2018 අන්තර් විධාන රුවල් යාත්‍රා තරඟාවලිය කාන්තා ජයග්‍රහිකාවන්

ලෝකඩ පදක්කම උතුරුමැද නාවික විධානය විසින් හිමිකරගන්නා ලදී.
කාන්තා සංඥා සීඒපීකේ අබේගුණවර්ධන
බල කාන්තා ශාරීරික අභ්‍යාසක එස්අයිඑච් ද සිල්වා

රිදී පදක්කම නැගෙනහිර නාවික විධානය විසින් හිමිකරගන්නා ලදී.
නායක කාන්තා සංඥා යූඒආර්එම් විජේනායක
ආධුනික කාන්තා නාවික ජිඑස්ජී ගුණතිලක

රන් පදක්කම බටහිර නාවික විධානය විසින් හිමිකරගන්නා ලදී.
බල කාන්තා නාවික එම්ජිඑම් සුභාශනී
සාමාන්‍ය කාන්තා නාවික ඩබ්පීඅයි උත්පලා