15 වන ආසියා ෆැසිපික් ෂිතෝරියූ කරාතේ තරඟාවලියෙන් පදක්කම් 2 ක් ශ්‍රී ලංකාවට හිමිකර දීමට නාවික හමුදා ක්‍රීඩකයා සමත් වේ.
ඊශ්‍රායල් ආරක්‍ෂක උපදේශක නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
නාවික හමුදා 534 වැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය දඹාන අදීවාසි ගම්මානයට

අතිගරු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ “රකිමු වකුගඩු පණ සේ - සුවය දිවිමග එවිට සැළසේ” සංකල්පයට අනුව වකුගඩු නිවාරණ ජනාධිපති කාර්යය සාධක බලකායේ සම්බන්ධීකරණයෙන් සහ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් නිෂ්පාදනය කර ඇති අතර, නාවික හමුදාව මේවන විට ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 534 ක් දිවයින පුරා ආවරණය වන පරිදි ස්ථාපිත කර ජනතා අයිතියට පත් කර ඇත.
28 Nov 2018
බංගලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජිත පිරිසක් නාවික හමුදා මුලස්ථානයේ සංචාරයක
විදේශිය වෙරළාරක්‍ෂක, පොලිස් සහ රේගු නිලධාරින් සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කෙරේ

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයට (United Nations Office on Drugs and Crime - UNODC) අනුබද්ධිත ඉන්දුනීසියාව, මැලෙසියාව සහ පීලිපින යන රටවල්වල වෙරළාරක්‍ෂක, පොලිස් සහ රේගු නිලධාරින් සඳහා නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ (Visit Board Search and Seizure - VBSS) විශේෂ පුහුණුවක් නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය මඟින් ත්‍රිකුණාමලයේ පිහිටි එම බලඝණ මූලස්ථානයේදී පැවැත්විමට කටයුතු කරන ලදී.
26 Nov 2018