ජ්‍යේෂ්ඨ නාවිකයින් 99 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 99 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද දින (නොවැම්බර් 09) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපති තුමාගේ කාර්යාලයේදී සිදු කෙරුණි. ඒ සඳහා රුපියල් මිලියන 49.5 ක මුදලක් නාවික සහන පදනම මගින් ලබාදෙන ලදි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිගේ ලේකම් කපිතාන් (සැ) අචල ද සිල්වා මහතා ද සහභාගී වීය.

නාවික හමුදාවේ දිර්ඝ කාලයක් සේවය කර ඇති ජ්‍යේෂ්ඨ නාවිකයින්ගේ සේවය අගය කරනු වස් මෙම පොලී රහිත ණය මුදල ප්‍රදානය කිරීම ආරම්භ කරන ලදී. මේ වන විට ජ්‍යේෂ්ඨ නාවිකයින් 1827 දෙනෙකු සඳහා මෙම ණය මුදල ලබා දීමට නාවික සහන පදනම කටයුතු කොට ඇත. ඉදිරි කාල සීමාව තුළදී, තවත් ජ්‍යේෂ්ඨ නාවිකයන් 3139 දෙනෙකු සඳහා මෙම සහන ණය මුදල ලබා දීමට කටයුතු කරමින් පවතී.