ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය - 2018 බුස්සේදී
 

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය - 2018 පසුගිය නොවැම්බර් මස 06 වන දින සිට 09 වන දින දක්වා බුස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ පිහිටි ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී. ඒ සඳහා සියළු නාවික විධානයන් නියෝජනය කරමින් කණ්ඩායම් රැසක් සහභාගීවි සිටි අතර, එහිදී වසරේ දක්ෂතම නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය වයඔ නාවික විධානය නියෝජනය කළ කපිතාන් සිසිර දිසානායක මහතා හිමි කර ගන්නා ලදී. තවද, සමස්ථ තරඟාවලියේ පිරිමි හා කාන්තා ශූරතාවය බටහිර නාවික විධානය හිමිකර ගැනීමට සමත් වූ අතර, තරඟාවලියේ පිරිමි අනුශූරතාවය නාවික දියත් විධානයද, කාන්තා අනුශූරතාවය නැගෙනහිර නාවික විධානයද හිමිකර ගැනීමට සමත් විය.

දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවිර මහතා මෙම තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ අතර, දකුණු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු රංජිත් ප්‍රේමරත්න මහතා සහ දකුණු නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම නාවිකයින් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගිවි සිටියහ.