අධික වර්ෂාව හේතුවෙන් කල්මුණේ ප්‍රදේශයට නාවික හමුදාවෙන් ප්‍රවාහන පහසුකම්
 

පසුගිය දිනවල ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට නොහැකිව සිටි කල්මුණේ, තිරවන්තියන්මඩු ප්‍රදේශයේ ජනතාව සඳහා ගිණිකොණ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් විසින් ප්‍රවාහන පහසුකම් සලසා දිමට කටයුතු කරන ලදී.

ඒ අනුව, වර්ෂාව හේතුවෙන් පසුගිය නොවැම්බර් 09 වන දින තිරවන්තියන්මඩු ගම්මානයට යන මාර්ගය ජලයෙන් යටවි තිබු අතර, ගිණිකොණ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රුවන් පෙරේරා මහතාගේ උපදෙස් මත එම විධානයට අනුයුක්ත සහන සැලසීමේ කණ්ඩායම් ඩිංගි යාත්‍රා යොදා ගනිමින් කිත්තන්කි ප්‍රදේශයේ සිට කල්මුණේ නාවික අනුඛණ්ඩය දක්වා ප්‍රවාහන පහසුකම් සැලසිමට කටයුතු කරන ලදී.  තවද, මෙම ක්‍රියාව ප්‍රදේශයේ ජනතාවගේ විශේෂ ඇගයිමට ද ලක් වන ලදී.