තලෙයිමන්නාරම ප්‍රදේශයෙන් කේරළ ගංජා තොගයක් සොයා ගැනේ
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (නොවැම්බර් 10) ඌරුමලෙයි සහ තලෙයිමන්නාරම අතර ප්‍රදේශයේ සිදු කරන ලද හදිසි පාමුර සංචාරයකදී පඳුරක් අතර අසුරණ 04 ක බහා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 39.84 ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

විකිණිම සඳහා මෙම ගංජා තොගය සඟවා ඇති බවට සැක කරන  අතර, කේරළ ගංජා තොගය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා තලෙයිමන්නාරම, පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.