ඩයලොග් කුසලාන රග්බි තරඟාවලියේ නාවික හමුදාව ඉදිරිපත් වූ පළමු තරඟයෙන් තියුණු ජයක්
 

ඩයලොග් රග්බි තරඟාවලියේ නාවික හමුදා රග්බි කණ්ඩායම ඉදිරිපත් වූ පළමු තරඟය ශ්‍රී ලංකා පොලිස් රග්බි කණ්ඩායම අතර පසුගිය නොවැම්බර් 09 වන දින කොළඹ පොලිස් ක්‍රිඩාංගණයේදී පැවැත්වුණු අතර, එහිදී පොලිස් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 24 ට 23 ක් වශයෙන් තියුණු ජයක් තහවුරු කර ගැනීමට නාවික හමුදා රග්බි කණ්ඩායම සමත් විය.

මෙම තරඟය නැරඹිම සඳහා ශ්‍රී ලංකා පොලිස්පති, පුජිත් ජයසුන්දර මහතා, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් හා සේවා, රියර් අද්මිරාල් උදය හෙට්ටිආරච්චි මහතා සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන, රියර් අද්මිරාල් කස්සප පෝල් මහතා ඇතුළු පොලිසිය සහ නාවික හමුදාව නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ නිලධාරින් ඇතුළු පොලිස් සහ නාවික හමුදා සාමාජිකයින් රැසක් සහභාගිවි සිටියහ.