වැදගත් සිදුවීම්

කොළඹ, කොටුව ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය
 

කොළඹ කොටුව, කුමාර වීදියේ මහල් වෙළෙඳසැලක ඉහල මාලයේ ඊයේ (නොවැම්බර් 16) හදිසියේ හටගත් ගින්නක් මුළුමනින්ම නිවා දැමීමේ කටයුතු සඳහා නාවික හමුදා ගිනි නිවීමේ ඒකකය සිය දායකත්වය සපයන ලදී.

17 Nov 2018

ජ්‍යේෂ්ඨ නාවිකයින් 110 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 110 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම ඊයේ (නොවැම්බර් 16) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපති තුමාගේ කාර්යාලයේදී සිදු කෙරුණි.

17 Nov 2018