RCYC LOGAN CUP රුවල් යාත්‍රා තරඟාවලිය - 2018’ ජයග්‍රහණ රැසක් නාවික හමුදාව සතු කර ගනී
 

RCYC රුවල් යාත්‍රා සංගමය මගින් සංවිධානය කරනු ලබන ‘RCYC LOGAN CUP රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය නොවැම්බර් 17 වන දින බොල්ගොඩ ජලාශයේදී ඉතා සාර්ථක අයුරින් පවත්වන ලද අතර, මෙවර තරඟාවලිය සඳහා නාවික හමුදා රුවල් යාත්‍රා ක්‍රිඩා සංචිතය, සිලෝන් මෝටර් රුවල් යාත්‍රා සමාජය (CMYC) සහ කොළඹ රාජකීය විද්‍යාලය (Royal College) යන රුවල් යාත්‍රා ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රිඩකයින් 32 දෙනෙකු රුවල් යාත්‍රා 20 කින් සහභාගී වන ලදී.

තවද, නාවික හමුදා කණ්ඩායම සිය දක්‍ෂතා දක්වමින් විවිධ ඉසව්වලින් ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන හිමිකර ගනිමින් සියළුම රුවල් ඔරු සමාජ අභිබවා ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට සමත් විය.

විවෘත (Open)

ප්‍රථම ස්ථානය සප්‍රසුනි ඩබ්ඒආර් නිශාන්ත
  සුළු නිලධාරී එන්ජීඑම්යු ගුණවර්ධන
     
දෙවන ස්ථානය නායක නැවි ඩබ්එම්සී මාර‍ඹේ
  ඉංජිනේරු කාර්මික ඒඑස්කේ ද සොයිසා

 

එන්ට්‍රපයිස් (Enterprise)

ප්‍රථම ස්ථානය සප්‍රසුනි       ඩබ්ඒආර් නිශාන්ත
  සුළු නිලධාරී ඒඑස්කේ ද සොයිසා
     
දෙවන ස්ථානය නායක නැවි ඩබ්එම්සී මාර‍ඹේ
  ඉංජිනේරු කාර්මික ඒඑස්කේ ද සොයිසා
     
තෙවන ස්ථානය සුළු නිලධාරි ජේඑච්ටිසී අප්පුහාමි
  ඉංජිනේරු කාර්මික ටීඩීඑස් පෙරේරා
     
සිව්වන ස්ථානය සුළු නිලධාරි කේඩබ්ජිඊ ධනුෂ්ක
  බල නැවි කේඑස්කේ ද සිල්වා
     
පස්වන ස්ථානය සුළු නිලධාරී ඩීටීඑස්කේ සිල්වා
  නායක නැවි එස්ඩබ්එම්ජේ විරසේකර
     
හත්වන ස්ථානය සුළු නිලධාරි ආර්එම්එස්එල් රත්නායක
  නායක නැවි ඩීඑම්ආර්පිඑච් දිසානායක
     
අටවන ස්ථානය නායක නැවි ඩබ්ඒඩීආර් කුමාර
  සාමාන්‍ය නැවි එල්ඒසීඑම් ගුණතිලක
     

ලේසර් (Laser)

ප්‍රථම ස්ථානය සුළු නිලධාරි කේජිසීයූඑස් බණ්ඩාර
     
දෙවන ස්ථානය බල නැවි ජේඑස් සෙනෙවිරත්න
     
සිව්වන ස්ථානය බල සෙබළ යූඩී රාජපක්‍ෂ
     
හයවන ස්ථානය සුළු නිලධාරි ජේඑම්පීඑල් ජයසුරිය
     
හත්වන ස්ථානය නායක නැවි පීඩීඩීඑස් රාජපක්‍ෂ
     
අටවන ස්ථානය බල නැවි පීඑන්පීකේ දිසානයක
     
නවවන ස්ථානය බල නැවි කේසී ද සොයිසා