වැදගත් සිදුවීම්

විදේශිය වෙරළාරක්‍ෂක, පොලිස් සහ රේගු නිලධාරින් සඳහා නාවික හමුදාවෙන් විශේෂ පුහුණුවක්
 

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ (United Nations Office on Drugs and Crime - UNODC) නිර්දේශය මත ඉන්දුනීසියාව, මැලෙසියාව සහ පීලිපින යන රටවල්වල වෙරළාරක්‍ෂක, පොලිස් සහ රේගු නිලධාරින් සඳහා නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ (Visit Board Search and Seizure - VBSS) පාඨමාලාවක් ඊයේ (නොවැම්බර් 19) ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භ කරන ලදී.

20 Nov 2018

RCYC LOGAN CUP රුවල් යාත්‍රා තරඟාවලිය - 2018’ ජයග්‍රහණ රැසක් නාවික හමුදාව සතු කර ගනී
 

RCYC රුවල් යාත්‍රා සංගමය මගින් සංවිධානය කරනු ලබන ‘RCYC LOGAN CUP රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය නොවැම්බර් 17 වන දින බොල්ගොඩ ජලාශයේදී ඉතා සාර්ථක අයුරින් පවත්වන ලද අතර, මෙවර තරඟාවලිය සඳහා නාවික හමුදා රුවල් යාත්‍රා ක්‍රිඩා සංචිතය, සිලෝන් මෝටර් රුවල් යාත්‍රා සමාජය (CMYC) සහ කොළඹ රාජකීය විද්‍යාලය (Royal College) යන රුවල් යාත්‍රා ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රිඩකයින් 32 දෙනෙකු රුවල් යාත්‍රා 20 කින් සහභාගී වන ලදී.

20 Nov 2018

නාවික හමුදා කථික තරඟාවලිය ‍නොවැම්බර් 30 දා කොළඹදී
 

නාවික හමුදා කථික තරඟාවලිය 2018 එළඹෙන නොවැම්බර් 30 වන දින කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතන‍යේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විමට මේවන විට සියළු කටයුතු සුදානම් කර ඇති අතර, තරඟාවලියේ අර්ධ අවසන් පුර්ව තරඟය පසුගිය නොවැම්බර් 16 වන දින අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. එහිදි කථිකයින් 10 දෙනෙකු අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදී.

20 Nov 2018

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 31 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 31 ක් නාවික හමුදා භාරයට පත් විය.

20 Nov 2018