ජපන් තානාපති නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අතිගරු අකීරා සුගියාමා (Akira Sugiyama) මහතා අද (නොවැම්බර් 23) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත විය. එහිදි නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන අචාර මුරයක් එතුමන් වෙත පිරිනැමීමෙන් අනතුරුව විධාන ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා විසින් විධාන මූලස්ථානය වෙත එතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමට කටයුතු කරන ලදී.

අනතුරුව තානාපති අතිගරු අකීරා සුගියාමා මහතා ආඥාපතිතුමා හමුවි ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කතාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.