කපිතාන් ඩේමියන් ප්‍රනාන්දු මහතා ශ්‍රීලංනානෞ සමුදුර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (අවි) ඩේමියන් ප්‍රනාන්දු මහතා අද (නොවැම්බර් 23) දින වැඩ භාර ගන්නා ලදී.

නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් (සංඥා) හරීන්ද්‍ර ඒකනායක මහතා විසින් සමුදුර නෞකාවේදී නිල වශයෙන් එතුමන් වෙත අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීම සිදු කෙරිණි. ගාල්ල, වරාය පරිශ්‍රයේ නව ජැටියේදි පැවති එම භාර දීමේ/භාර ගැනීමේ උත්සව අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ මහතා ද සහභාගී විය. නව අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කරන ලදී.