වැදගත් සිදුවීම්

නාවික හමුදා 534 වැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය දඹාන අදීවාසි ගම්මානයට
 

අතිගරු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ “රකිමු වකුගඩු පණ සේ - සුවය දිවිමග එවිට සැළසේ” සංකල්පයට අනුව වකුගඩු නිවාරණ ජනාධිපති කාර්යය සාධක බලකායේ සම්බන්ධීකරණයෙන් සහ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් නිෂ්පාදනය කර ඇති අතර, නාවික හමුදාව මේවන විට ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 534 ක් දිවයින පුරා ආවරණය වන පරිදි ස්ථාපිත කර ජනතා අයිතියට පත් කර ඇත.

28 Nov 2018

අන්තර් නෞකා/යාත්‍රා, සංඥා, කඹ හා ගැට තරඟාවලිය 2018
 

නාවික දියත් විධානය විසින් සංවිධානය කරන ලද අන්තර් නෞකා/යාත්‍රා, සංඥා, කඹ හා ගැට තරඟාවලිය - 2018 ඊයේ (නොවැම්බර් 27) ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

28 Nov 2018