ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි 

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ගෘප් කපිතාන් ෂෝන් අන්වින් මහතා අද (නොවැම්බර් 29) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමු විය.

එහිදී, ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කීපයක් පිළිබඳව ඔවුන් අදහස් හුවමාරු කර ගන්නා ලද අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් ගෘප් කපිතාන් ෂෝන් අන්වින් මහතා හට තිළිණයක් පිරිනැමීමට ද කටයුතු කරන ලදි.