15 වන ආසියා ෆැසිපික් ෂිතෝරියූ කරාතේ තරඟාවලියෙන් පදක්කම් 2 ක් ශ්‍රී ලංකාවට හිමිකර දීමට නාවික හමුදා ක්‍රීඩකයා සමත් වේ.

ඉන්දුනිසියාවේ ජකර්තා නුවර පැවති 15 වන ආසියා ෆැසිපික් ෂිතෝරියූ කරාතේ තරඟාවලිය පසුගිය නොවැම්බර් 20 වන දින සිට 27 වන දින දක්වා පැවති අතර, මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකාව වෙත රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් හිමිකර දීමට නාවික හමුදාව නියෝජනය කරමින් තරඟ වැදුනු බල නැවි ඒඩි එන්එස් ආරියරත්න සමත් විය.

ඒ අනුව, කුම්තේ කිලෝග්‍රෑම් 55 ට අඩු බර පංති කේවල තරඟ ඉසව්වෙන් පිළිවෙලින් හොංකොං සහ ඉංදියානු ක්‍රීඩකයින් පරාජය කරමින් අවසන් වටයට සුදුසුකම් ලද බල නැවි ආරියරත්න නේපාල ක්‍රීඩකයාට ඉතා හොඳ තරඟයක් ලබා දෙමින් ලකුණු 8 – 6 ක් ලෙස තරඟය නිමා කළ අතර, එහිදී හොඳම පරාජිතයා ලෙස ශ්‍රී ලංකාවට රිදී පදක්කම දිනා ගැනීමටත්, කණ්ඩායම් කුම්තේ තරඟයෙන් අවසන් පූර්ව වටය තෙක් පැමිණෙමින් ලෝකඩ පදක්කම දිනා ගනිමින් ශ්‍රී ලංකාවට කිර්තියක් අත් කර දිමට ඔහුට හැකි විය.