ගංවතුරෙන් විපතට පත් උතුරේ ජනතාවට තවදුරටත් නාවික හමුදා සහාය

පසුගිය දිනවල උතුරු පළාතේ කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවලට බලපා තිබූ අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් අඩාල වූ ජන ජිවිතය යථා තත්වයට පත් කිරීමට උරදෙමින් සිටින නාවික හමුදාව පසුගිය දින කිහිපය තුළදි ගංවතුර හේතුවෙන් අපිරිසිදු වි තිබු පානීය ජල ළිං පිරිසිදු කිරීමට සහ නාවික හමුදා ජංගම ප්‍රති ආශ්‍රැත යන්ත්‍ර මඟින් පිරිසිදු ජලය බෙදාහැරිමට කටයුතු කරමින් සිටී.
28 Dec 2018
උතුරේ පානීය ජල ළිං පිරිසිදු කිරීමට නාවික හමුදා සහන කණ්ඩායම් රැසක දායකත්වය

පසුගිය දිනවල උතුරු පළාතේ කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවලට බලපා තිබූ අයහපත් කාළගුණික තත්වයෙන් උතුරු ජනතාවගේ ජන ජිවිතය අඩාල වි තිබු අතර, එම ජන ජිවිතය යථා තත්වයට පත් කිරීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් මේවන විට කටයුතු කරමින් සිටී. ඒ අනුව, ගංවතුර පැවැති තොණ්ඩමන්ආරු, මාන්කුලම්, කොට්ටඅඩි ඇතුළු ප්‍රදේශයන්හී අපිරිසිදුවි තිබෙන පානීය ජල ළිං පිරිසිදු කිරීමට නාවික සහන කණ්ඩායම් 15 ක් අදාල ස්ථාන වෙත අනුයුක්ත කිරීමට කටයුතු කර ඇත.
27 Dec 2018
ශ්‍රීලංනානෞ පරාක්‍රම සංවත්සරයට සමගාමිව ලේ දන්දීමේ වැඩසටහනක් කොළඹදී

ශ්‍රී ලංකා නාවික හමුදා 68 වන සහ ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ 36 වන සංවත්සරය පසුගිය දෙසැම්බර් 09 වන දිනට යෙදි තිබූ අතර, ඒ වෙනුවෙන් ආයතනයේ අණදෙන නිලධාරි, කපිතාන් මහේෂ් ද සිල්වා මහතා ඇතුළු නැව් මුළුව විසින් සංවිධානය කරනු ලැබූ සමාජ සත්කාරක වැඩසටහන්වල තවත් එක් පියවරක් වශයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් පසුගිය දෙසැම්බර් 24 වන දින ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාර පරිශ්‍රයේදී සිදු කෙරිණි.
27 Dec 2018
ගංවතුරෙන් විපතට පත් උතුරේ ජන ජිවිතය යථා තත්වයට පත් කිරීමට නාවික හමුදා දායකත්වය

මෙම දිනවල උතුරු පළාතේ කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවලට බලපා ඇති අයහපත් කාළගුණික තත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ උපදෙස් හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරු මත නාවික හමුදාව මේ වන විට සහන සැළසීමේ කටයුතු සිදු කරමින් සිටින අතර, මේ වන විට තොණ්ඩමන්ආරු, මාන්කුලම්, කොට්ටඅඩි ඇතුළු ප්‍රදේශ රැසක නාවික සහන කණ්ඩායම් අදාල ස්ථාන වෙත අනුයුක්ත කිරීමට කටයුතු කර ඇත.
26 Dec 2018
ජලයෙන් යට වූ කන්දවලෛ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට නාවික හමුදා සහාය

මෙම දිනවල බලපා ඇති අයහපත් කාළගුණික තත්වයෙන් කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කයන්හි විපතට පත් ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම සඳහා නාවික හමුදාව තවදුරටත් සහන මෙහෙයුම් වල නිරත වන අතර, මේවන විට ඒ සඳහා නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායම් 06 ක් අනුයුක්ත කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.
23 Dec 2018