ඩයලොග් ලීග් කුසලාන රග්බි තරඟාවලියේ නාවික හමුදාවට තවත් ජයක්
 

ඩයලොග් ලීග් කුසලාන රග්බි තරඟාවලියේ තවත් එක් තරඟයක් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර ඊයේ (දෙසැම්බර් 01) රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. මෙම තරඟයෙන් ලකුණු 43 ට 25 ක් ලෙස විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම සමත් විය.

තවද, මෙම තරඟාවලිය නැරඹීම සඳහා විශාල ක්‍රීඩා ලෝලීන් පිරිසක් සහභාගී වී සිටි අතර, මෙය තරඟාවලිය තුල නාවික හමුදාව ලද දෙවන ජයග්‍රහනයද වේ.