දියේ ගීලි මියගිය පුද්ගලයින් තිදෙනෙකුගේ (03) මෘත දේහයන් නාවික හමුදාව විසින් සොයා ගැනේ
 

පසුගිය දින කිහිපය තුලදී විවිධහේතුන් මත දියේ ගිලී මරණයට පත් වු පුද්ගලයින් තිදෙනෙකු (03) ගේ මෘත දේහයන් සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයින් සමත් විය.

ඒ අනුව, පසුගිය නොවැම්බර් 29 වන දින පවුල් ආරවුලක් මත ඔරුතොට පාලම අසලින් වික්ටොරියා ජලාශයට පැන පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බවට තෙල්දෙනිය පොලීසිය විසින් නාවික හමුදාව වෙත සිදුකල දැනුම් දීමකට අනුව වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව, කිමිදුම් අංශයේ නාවිකයින් කණ්ඩායමක් කඩිනමින් එම ස්ථානය වෙත යැවීමට කටයුතු කරන ලදී. එහිදී නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයින් විසින් විශාල පරිශ්‍රමයක් දරා දිය යට සිරවී තිබු මෘත දේහය සොයාගෙන ඇති අතර, එම මෘත දේහය තෙල්දෙනිය පොලිස් ස්ථානය වෙත වැඩිදුර පරීක්ෂණ සඳහා භාර දීමට කටයුතු කරන ලදී.

පසුගිය නොවැම්බර් 30 වන දින පුස්සැල්ලාව පොලිස් වසමේ සැන්කුවාර් විදුලි බලාගාරය අසලින් ගලා බසින දිය ඇල්ලට දිය නෑමට ගිය, ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලයේ සිසුවකු දියේ ගිලී අතුරුදන් වී ඇති බවට පුස්සැල්ලාව පොලීසිය විසින් පසුගිය දෙසැම්බර් 01 වන දින නාවික හමුදාව වෙත සිදුකල දැනුම් දීමකට අනුව වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව, කිමිදුම් අංශයේ නාවිකයින් කණ්ඩායමක් කඩිනමින් එම ස්ථානය වෙත යැවීමට කටයුතු කරන ලදී. එහිදී නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයින් විසින් විශාල පරිශ්‍රමයක් දරා දිය යට සිරවී තිබු මෘත දේගය සොයාගෙන ඇති අතර, එම මෘත දේහය පුස්සැල්ලාව පොලිස් ස්ථානය වෙත වැඩිදුර පරීක්ෂණ සඳහා භාර දීමට කටයුතු කරන ලදී.

තවද, පසුගිය දෙසැම්බර් 01 වන දින පුද්ගලයෙකු ගනේවත්ත මකුල්මඩේ වැවේ මසුන් අල්ලමින් සිටියදී වැවට ඇද වැටී දියේ ගිලී අතුරුදන් වී ඇති බවට වැල්ලව පොලීසිය විසින් නාවික හමුදාව වෙත සිදුකල දැනුම් දීමකට අනුව වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව කිමිදුම් අංශයේ නාවිකයින් කණ්ඩායමක් කඩිනමින් එම ස්ථානය වෙත යැවීමට කටයුතු කරන ලදී. එහිදී නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයින් විසින් විශාල පරිශ්‍රමයක් දරා දිය යට සිරවී තිබු මෘත දේහය සොයාගෙන ඇති අතර, එම මෘත දේහය වැල්ලව පොලිස් ස්ථානය වෙත වැඩිදුර පරීක්ෂණ සඳහා භාර දීමට කටයුතු කරන ලදී.

තෙල්දෙනිය


පුස්සැල්ලාව


ගනේවත්ත