ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන බොක්සිං තරගාවලිය - 2018
 

2018 වර්ෂය සඳහා වු ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන බොක්සිං තරඟාවලිය පසුගිය නොවැම්බර් මස 27 වන දින සිට දින 04 ක් පුරා ත්‍රිකුණාමලය, නැගෙනහිර නාවික විධාන බොක්සිං ක්‍රිඩා පිටියේදී පවත්වන ලදී. මෙවර තරඟාවලිය සඳහා සියළු නාවික විධානයන් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 171 දෙනෙකු සහභාගී වූ අතර, තරඟාවලියේ සමස්ථ ශූරතාවය නැගෙනහිර නාවික විධානය හිමිකර ගන්නා ලදී. තවද, තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස සාමාන්‍ය නැවි ඩීපී ප්‍රියන්ත සම්මාන හිමිකරගත් අතර, දක්‍ෂතම පරාජිතයා ලෙස ආධුනික නැවි ආර්ජියුඑස් රූපස්සර විසින් සම්මාන හිමිකරගන්නා ලදි.

තරඟාවලියේ අවසන් දිනය වූ පසුගිය නොවැම්බර් 30 වන දින ත්‍යාග ප්‍රදානෝත්සවය පැවති අතර, එහි  ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා සහභාගි විය. තවද, මෙම අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ මහතා සහ නැගෙනහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති කොමදෝරු නොයෙල් කළුබෝවිල මහතා ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද සහභාගිවි සිටියහ.