68 වන නාවික හමුදා දිනයට සමඟාමිව ඉස්ලාම් ආගමික වැඩසටහන කොළඹදී
 

2018 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 68 වන සංවත්සරයට සමඟාමිව පවත්වන ලද ඉස්ලාම් ආගමික වැඩසටහන පසුගිය දෙසැම්බර් 06 වන දින කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා මුස්ලිම් පල්ලියේදී පැවැත්විණි.

මෙම ආගමික වැඩසටහනේදී ශ්‍රී ලංකා නාවික හමුදාවටත්, සියලුම නාවික පුද්ගලයින් හටත් ආශිර්වාද කරමින් යාඥාවක් පවත්වන ලදී. එම ආගමික වතාවත් සඳහා නාවික හමුදා, ආඥාපති නාවික පාබල සහ අධ්‍යක්‍ෂ නාවික මැරීන්, රියර් අද්මිරාල් උදේනි සේරසිංහ මහතා, බටහිර නාවික විධාන භාර නියෝජය ආඥාපති කොමදෝරු සුදත් කුරුකුලසූරිය මහතා අධ්‍යක්‍ෂ නාවික වෛද්‍ය සේවා (රෝග විනිශ්චය සහ නිවාරණය), කොමදෝරු පුබුදු මාරඹේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී විය.

එමෙන්ම, නාවික හමුදා මුස්ලිම් සංගමයේ සභාපති, කොමාණ්ඩර් ටීපී මාසෝ මහතා, නාවික හමුදාවේ රාජකාරී නියුතු මුස්ලිම් ජාතික නාවික පුද්ගලයින් ඇතුළු ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවිකයින් විශාල පිරිසක් ද එම ආගමික කටයුතු සඳහා සහභාගී වී සිටියහ. මෙම ආගමික වැඩසටහන කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් මහේෂ් ද සිල්වා මහතාගේ මඟපෙන්වීම යටතේ එම ආයතනයේ නාවික පුද්ගලයින් විසින් සංවිධානය කරන ලදී.