ඩිජිටල් විශිෂ්ඨතා සම්මාන උළෙල 2018 (SLT Zero One Award) හිදී ශ්‍රී ලංකා නාවික හමුදාව සම්මාන හිමිකර ගනී
 

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ ආයතන අතුරින් හොඳම තොරතුරු තාක්‍ෂණ පද්ධති තේරීම සඳහා වූ ඩිජිටල් විශිෂ්ඨතා සම්මාන උළෙල (SLT Zero One Award) පසුගිය දෙසැම්බර් 11 වන දින කොළඹ, ගලදාරි හෝටල් පරිශ්‍රයේදී පවත්වන ලදී. එම සම්මාන උළෙල රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන (NGO) යටතේ පැවැති අතර, මෙම සම්මාන උළෙලේදී රාජ්‍ය අංශය යටතේ ශ්‍රීලංකා නාවික හමුදා වෙබ් අඩවිය සහ පද්ධති පහත සඳහන් සම්මාන හිමි කර ගැනීමට සමත් විය.

 
හොඳම ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන් අංශ‍ය    - ශූරතාවය
හොඳම වෙබ් අඩවිය හෝ මයික්‍රො වෙබ් අඩවි අංශය - දෙවන අනුශූරතාවය
හොඳම ක්‍රියාකාරි ඩිජිටල් නිෂ්පාදන / සේවා අංශය - දෙවන අනුශූරතාවය

 

සම්මාන ප්‍රදානෝත්සවය සඳහා නාවික හමුදාව නියෝජනය කරමින් නාවික හමුදා නියෝජ්‍ය අධ්‍යක්ෂ නාවික තොරතුරු තාක්ෂණ, කපිතාන් (තොතා) චමින්ද රණවීර මහතා, ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරි (වෙබ් හා පිටු සැකසුම්) ලුතිනන් කොමාන්ඩර් (තොතා) යසිරු වීරසේකර මහතා සහ මාණ්ඩලික නිළධාරී (අන්තර්ජාල) II, ලුතිනන් කොමාන්ඩර් (තොතා) ධනුෂ්ක වනිගසේකර මහතා සහභාගී විය.