චින යුද්ධ හමුදා ඒකාබද්ධ මාණ්ඩලික දෙපාර්තමෙන්තුවේ යුධ කටයුතු පිළිබඳ ආධාරක නියෝජිත ආයතනයේ නියෝජිතයන් පිරිසක් දකුණු නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
 

මෙරටට පැමිණි සිටින චින යුද්ධ හමුදා ඒකාබද්ධ මාණ්ඩලික දෙපාර්තමෙන්තුවේ යුධ කටයුතු පිළිබඳ ආධාරක නියෝජිත ආයතනයේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් ෂායි යුහුආන් මහතා (Major General Zhai Yuehuan) ඇතුළු නියෝජිතයින් පිරිස පසුගිය දෙසැම්බර් 17 වන දින දකුණු නාවික විධානයේ සංචාරයක නිරත විය.

එහිදී මේජර් ජෙනරාල් ෂායි යුහුආන් මහතා දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරල් කපිල සමරවිර මහතා හමුවි ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද කථාබහක නිරත වූ අතර, එම අවස්ථාව සඳහා දකුණු විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු රංජිත් ප්‍රේමරත්න මහතා ඇතුළු දකුණු නාවික විධානය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ. එම විශේෂිත අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.