‘ආචාර්ය නිහාල් ඡිනසේන අනුස්මරණ රුවල් යාත්‍රා තරඟාවලිය - 2018’ ජයග්‍රහණ රැසක් නාවික හමුදාව සතු කර ගනී
 

රුහුණු රුවල් යාත්‍රා සාමාජය මගින් සංවිධානය කරනු ලබන ‘ආචාර්ය නිහාල් ඡිනසේන රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය දෙසැම්බර් 15 වන දින කප්පරතොට, මිරිස්ස මුහුදු තීරයේදී ඉතා සාර්ථක අයුරින් පවත්වන ලද අතර, මෙවර තරඟාවලිය සඳහා නාවික හමුදා රුවල් යාත්‍රා ක්‍රිඩා සංචිතය, සිලෝන් මෝටර් රුවල් යාත්‍රා සමාජය (CMYC) සහ කොළඹ රාජකීය විද්‍යාලය (Royal College) ඇතුළුව රුවල් යාත්‍රා ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් ක්‍රිඩකයින් 67 දෙනෙකු රුවල් යාත්‍රා 50 ක් සමඟින් සහභාගී වන ලදී.

තවද, නාවික හමුදා කණ්ඩායම සිය දක්‍ෂතා දක්වමින් විවිධ ඉසව්වලින් ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන හිමිකර ගනිමින් සියළුම රුවල් ඔරු සමාජ අභිබවා ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට සමත් විය.

ජීපී 14 (GP 14)

සප්‍රසුනි ඩබ්ඒආර් නිශාන්ත ප්‍රථම ස්ථානය
සුළු නිලධාරී

එන්ජීඑම්යු ගුණවර්ධන

සුළු නිලධාරි කේවීඑන් දීමාල් දෙවන ස්ථානය
බල සෙබළ ජේඑච්එම්පීඅයි ජයපද්ම

සුළු නිලධාරි ආර්එම්එස්එල් රත්නායක තෙවන ස්ථානය
නායක නැවි ඩීඑම්ආර්පීඑච් දිසානායක

එන්ට්‍රපයිස් (Enterprise)

සුළු නිලධාරි ජේඑච්ටීසී අප්පුහාමි ප්‍රථම ස්ථානය
ඉංජිනේරු කාර්මික ටීඩීඑස් පෙරේරා

සුළු නිලධාරි ඩබ්පීයූඑස් කුමාර දෙවන ස්ථානය
නායක නැවි ඒඑම්ජේපී අත්තනායක

සුළු නිලධාරි කේඩබ්ජිඊ ධනුෂ්ක තෙවන ස්ථානය
බල නැවි කේඑස්කේ ද සිල්වා

ලේසර් (Laser)

සුළු නිලධාරි කේජීසීයූඑස් බණ්ඩාර ප්‍රථම ස්ථානය
බල සෙබළ යූඩී රාජපක්‍ෂ දෙවන ස්ථානය
නායක නැවි ඩබ්ඒඩීආර් කුමාර තෙවන ස්ථානය

ලේසර් රෙඩියල් (Laser Radial)

නායක නැවි පීඩීඩීඑස් රාජපක්‍ෂ ප්‍රථම ස්ථානය
සුළු නිලධාරි ජේඑම්පීඑල් ජයසුරිය දෙවන ස්ථානය
බල නැවි පීඑන්පීකේ දිසානයක තෙවන ස්ථානය

වින්ඩ්ස්රූෆීන් (Windsurfing)

නායක නැවි කේපීපී ගුණවර්ධන දෙවන ස්ථානය

මිනිබි (Minibee)

නායක නැවි ඩබ්එම්සී මාරඹේ තෙවන ස්ථානය
ඉංජිනේරු කාර්මික (සිඉ) ඒ‍එස්කේ සොයිසා
ඉංජිනේරු කාර්මික එම්එච්එස් ලක්මාල්
සාමාන්‍ය නැවි එල්ඒසීඑම් ගුණතිලක