රුසියානු නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
 

පසුගිය දෙසැම්බර් 20 වන දින, මෙරටට පැමිණි රුසියානු නාවික හමුදාවේ බලඝණ ආඥාපති, රියර් අද්මිරාල් එඩ්වඩ් මිහායිලෝව් සහ රුසියානු නාවික නෞකා ‘වර්යාග්’, ‘අද්මිරාල් පැන්ට්ලීවි’ සහ ‘බෝරිස් බටෝමා’ යන නෞකාවන්හි අණදෙන නිලධාරින් වන කපිතාන් යුරේවිච් උල්යැන්කෝ මහතා, කපිතාන් විටැලිවිච් ඇන්ට්සිෆීරෝ මහතා සහ කපිතාන් ඇලෙක්සැන්ඩෝවිච් බොන්ඩා යන මහත්වරුන් පසුගිය දෙසැම්බර් 21 වන දින නාවික හමුදා මූලස්ථානයේදී මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමුවිය.

එහිදී ඔවුන් ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු කීපයක් සම්බන්ධයෙන් සුහද පිළිසදරක ද නිරත වූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණු අතර, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් ද සහභාගී විය.