‘රුෂ්මෝර්’ නෞකාවේ අණදෙන නිලධාරී බටහිර නාවික විධානය භාර ආඥාපති හමුවෙයි
 

පසුගිය දෙසැම්බර් 21 වන දින මෙරටට සේන්දු වූ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් යුධ නෞකාවක් වන ‘රුෂ්මෝර්’ නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් ආර්.සී ට්‍රයන් මහතා ඇතුළු නෞකාවේ නිලධාරින් පිරිසක් ඊයේ (දෙසැම්බර් 22) බටහිර නාවික විධාන මූලස්ථානයේදී බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.

එහිදී, ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව ඔවුන් අදහස් හුවමාරු කර ගන්නා ලද අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.