සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය
 

බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් අද (දෙසැම්බර් 23) වැල්ලවත්ත සිට ගල්කිස්ස දක්වා වූ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා සිය දායකත්වය ලබා දීමට කටයුතු කරන ලදී. මෙම වැඩසටහන ‘සුරකිමු ශ්‍රී ලංකා’ තරුණ සංගමය විසින් සංවිධානය කර තිබු අතර, මෙම වැඩසටහන සඳහා නාවික හමුදා සාමාජිකයින් 50 දෙනෙකු පමණ සහභාගී සිටියහ.

තවද, මෙම වැඩසටහන සඳහා ප්‍රදේශයේ සියළු ආගම්වලට අයත් පුජකවරුන්, සමුද්‍රීය පරිසර ආරක්‍ෂක අධිකාරියට අනුයුක්ත නිලධාරින්, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේනතුව සහ ශ්‍රී ලංකා පොලිසියට අනුයුක්ත නිලධාරින් මෙන්ම ප්‍රදේශයේ මහජනතාව ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ. එමෙන්ම, පිරිසිදු වෙරළ තීරයක් පවත්වා ගැනීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කැපවී සිටින අතර, සතිපතා සියළුම නාවික කඳවුරු ආශ්‍රිත ප්‍රදේශයන්හි වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.