ගංවතුරෙන් විපතට පත් උතුරේ ජන ජිවිතය යථා තත්වයට පත් කිරීමට නාවික හමුදා දායකත්වය
 

මෙම දිනවල උතුරු පළාතේ කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවලට බලපා ඇති අයහපත් කාළගුණික තත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ උපදෙස් හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරු මත නාවික හමුදාව මේ වන විට සහන සැළසීමේ කටයුතු සිදු කරමින් සිටින අතර, මේ වන විට තොණ්ඩමන්ආරු, මාන්කුලම්, කොට්ටඅඩි ඇතුළු ප්‍රදේශ රැසක නාවික සහන කණ්ඩායම් අදාල ස්ථාන වෙත අනුයුක්ත කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව, නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානය මඟින් ක්ෂණික අවශ්‍යතාවයකදී භාවිතයට ගතහැකි ලෙස ජංගම මුළුතැන් ‍ගෙවල්, ආහාර පිසීමේ උපකරණ, ආහාර උණුසුම් කිරීමේ උපකරණ, කූඩාරම්, වතුර පොම්ප සහ ජංගම වැසිකිළි මෙන්ම ජංගම ප්‍රති ආශ්‍රැත යන්ත්‍ර ආදි උපකරණ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ මේවන විට ස්ථාපිත කර ඇති අතර, එමඟින් ප්‍රදේශයේ අවතැන්ව සිටින දමිල ජනතාව සඳහා ආහාර පාන ඇතුළු සනීපාරක්‍ෂක මෙන්ම අත්‍යවශ්‍ය පහසුකම් සලසා දිමට කටයුතු කරමින් සිටී.

තවද, ගංවතුර පැවැති ප්‍රදේශයන්හී පානීය ජල ළිං පිරිසිදු කිරීමට නාවික හමුදා සහන කණ්ඩායම් කටයුතු කරමින් සිටින අතර, එම ප්‍රදේශයන් වෙත වෛද්‍ය කණ්ඩායම් පිටත් කර යැවිමටද නාවික හමුදාව කටයුතු කර ඇත. එමෙන්ම, රටට පැමිණෙන ඕනෑම ස්වභාවික ව්‍යසනයකදි නාවික හමුදාව පෙරට පැමිණ සහන සැළසීමට නිරන්තරයෙන් කටයුතු කිරීමට සුදානමින් සිටි.