ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘රුෂ්මෝර්’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
 

පසුගිය දෙසැම්බර් 21 වන දින කොළඹ වරායට සේන්දු වූ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘රුෂ්මෝර්’ නෞකාව අද (දෙසැම්බර් 26) දින හයක නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.

එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව වෙත සමුදීම සිදු කරන ලදී. මෙම නෞකාව මෙරට රැඳී සිටී කාල සිමාව තුළදී එහි නැව් මුළුව ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරය කළ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබු වැඩසටහන් කිහිපයකට ද සහභාගී විය.