මෙරට අත්අඩංගුවේ තිබූ තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 06 ක් යළි ඉන්දියාවට
ජ්‍යෙෂ්ඨ නාවිකයින් 75 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 75 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (ජනවාරි 31) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපතිතුමාගේ කාර්යාලයේදී සිදු කෙරුණි. ඒ සදහා රුපියල් මිලියන 37.5 ක මුදලක් නාවික සහන පදනම මගින් ලබාදෙන ලදි.
31 Jan 2019
ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින් පිරිසක් ඉන්දියානු නාවික හමුදා ඩෝනියර් ගුවන් යානා අභ්‍යාසයක
නාවික පවුල්වල දූ දරුවන් හට ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ

2018 වසරේ පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිට, විශිෂ්ට ලෙස සමත් වූ නාවික පුද්ගලයින්ගේ දූ දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (ජනවාරි 30) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේ දී සිදු කෙරුණි.
30 Jan 2019
මුහුදේදී රෝගාතුර වූ මැලේසියානු නාවික හමුදා නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදා සහාය

මැලේසියානු මහ කොමසාරිස් කාර්යාලය මඟින් ශ්‍රී ලංකා නාවික හමුදා මුලස්ථානයේ ස්ථාපිත සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට (Maritime Rescue Coordinating Centre) සිදු කරන ලද දැනුම්දීමකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මැලේසියානු නාවික හමුදාවට අයත් කස්තුරි (KD Kasturi) නෞකාවේ සිටි රෝගාතුර නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට අද (ජනවාරි 30) කටයුතු කරන ලදී.
30 Jan 2019
2018 වසරේ හොඳම නෞකාව ලෙස ශ්‍රී ලංනානෞ සයුරළ නෞකාව නම් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකා අතරින් සෑම වසරකම හොඳම නෞකාව තෝරා ගැනීමට කටයුතු කරන අතර, එහිදී, නෞකාවන් අතර පවත්වනු ලබන ක්‍රීඩා තරග, නාවික දැනුම, කඹ හැසිරවීම, නෞකා අතර පැවති යුධ අභ්‍යාසයන් සහ වැඩිම මුහුදු සංචාරයන් සිදු කල නෞකාව යන කරුණු පදනම් කර ගනිමින් හොඳම නෞකාව නම් කිරීමට කටයුතු කරනු ලබයි.
30 Jan 2019