වැදගත් සිදුවීම්

ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් (04) නාවික හමුදා අත්අඩංගුවට
 

ශ්‍රී ලංකා මුහුදු තීරයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙ‍‍කු (04) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාව අද (ජනවාරි 07) උතුරු මුහුදේ ඩෙල්ෆ්ට් දුපතට ආසන්නයේදී නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

07 Jan 2019

නාවික හමුදාව විසින් සිදුකල විශේෂ මෙහෙයුමකින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 114.5 ක ප්‍රමාණයක් අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද ‍තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින් අද (ජනවාරි 07) අළුයම පේදුරුතුඩුව මුහුදු වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 114.5 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් පලාගොස් ඇත.

07 Jan 2019

අභිනව නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (ජනවාරි 07) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

07 Jan 2019

රියර් අද්මිරාල් ජගත් රණසිංහ මහතා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරේ වැඩ භාර ගනී
 

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රියර් අද්මිරාල් ජගත් රණසිංහ මහතා පසුගිය ජනවාරි 01 වන දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් අදාළ පත්වීමේ ලිපිය රියර් අද්මිරාල් රණසිංහ මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කරන ලදී.

07 Jan 2019

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 07 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 07 ක් නාවික හමුදා භාරයට පත් විය.

07 Jan 2019

අවසරපත් නොමැතිව මුහුදු වැලි ප්‍රවාහනය කල පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් කලවන්චිකුඩා පොලිස් නිලධාරින් සමඟ සම්බන්ධ වී ඊයේ (ජනවාරි 06) කළුදවේලි ප්‍රදේශයේ දී අවසරපත් නොමැතිව මුහුදු වැලි ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

07 Jan 2019