නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් (04) අත්අඩංගුවට ගැනේ
 

මෙරට මුහුදු තීරයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙ‍‍කු (04) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාව ඊයේ (ජනවාරි 07) ඩෙල්ෆ්ට් දුපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස අද (ජනවාරි 08) අළුයම කරේයිනගර්, ශ්‍රී ලංකා නාවික නෞකා ‘එළාර’ ආයතනය වෙත රැගෙනවිත් ඇති අතර, එම ධිවරයින් වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරේ.