කේරළ ගංජා කිලෝග්‍රෑම් 184 ග්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද ‍තොරතුරකට අනුව උතුරුමැද නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින් අද (ජනවාරි 10) අළුයම මන්නාරම වංකාලේ වෙරළ ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 184 යි ග්‍රෑම් 200 සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් එම කේරළ ගංජා තොගය සහ පුද්ගලයා ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.